Saturday 27th of April 2024

English Tamil
Advertiesment


වසරකට 4,000ක් අංශ භාගයෙන් මිය යති  


2022-10-27 10408

 

ආඝාතය හෙවත් අංශ භාග රෝගය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයින් 4,000ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ, අඝාතයට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනය බැවින් අවම වශයෙන් වසරකට දෙවතාවක් හෝ රුධිර පීඩනය මැන ගැනීම සිදු කළ යුතු බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය එම අදහස් පළ කළ අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ දී කීවාය..

"පසුගිය වසර 17ක කාලය තුළ ආඝාතය වැළඳීමේ අවධානම 70%කින් ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම ආඝාතයෙන් සිදු වන මරණ 43%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ මරණවලින් 80%කට වැඩිය සිදු වන්නේ ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් සහිත රටවල්වල කියලා ලැබෙන දත්තවලින් තහවුරු වී තියෙනවා. ඒ වගේම තවත් විශේෂත්වයක් වෙන්නේ ශ්‍රී ලංකාවේ වසරකට අංශභාග රෝගය නිසා රෝගීන් 60,000ක් පමණ රෝහල්ගත වෙනවා. මේ අය අතරින් 4,000ක් පමණ වසරක් ඇතුළත  මරණයට පත් වෙනවා. මේ අගය පසුගිය වසර 10 තුළ දෙගුණයක් වෙලා තියෙනවා."
 

Advertiesment